බටහිර තීරය තුළ ඉශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන් විසින් සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්, පලස්තීන ජාතිකයන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම් සහ පල්ලි වෙත එල්ල වන ප්‍රහාර වහාම නතර කරන ලෙස අවධාරණය කරමින් ඇමෙරිකානු සෙනෙට් සභාවේ ඩිමොක්රටික් පක්ෂ සෙනෙට් සභිකයින් 45 දෙනෙකු ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත හදිසි නිල ලිපියක් යොමුකර ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කරයි.
සෙනෙට් සභිකයින් වන ඇඩම් ෂිෆ් (), කෝරි බුකර් සහ කොංග්රස් මණ්ඩලය තුළ ඉශ්‍රායලයේ දැඩි හිතවතෙකු ලෙස සැලකෙන ඩිමොක්රටික් නායක චක් ෂුමර් (ගේ ප්‍රධානත්වයෙන් මෙම ලිපිය යොමුකර තිබේ. 2022 වසරේ සිට මේ දක්වා බටහිර තීරයේදී ඉශ්‍රායල බලකායන් අතින් ඝාතනය වූ බවට පැවසෙන ඇමෙරිකානු ජාතිකයන් 9 දෙනාගේ මරණ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස ද එමඟින් ඉල්ලා ඇත.
ඉශ්‍රායලයේ දැඩි පාක්ෂිකයෙකු වන චක් ෂුමර් පවා මෙම ලිපියට අත්සන් තැබීමෙන් පැහැදිලි වන්නේ ඉශ්‍රායලයේ පාලන අධිකාරිය වෙත ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයෙන් එල්ල වන දේශපාලන බලපෑම සහ දැඩි විවේචනයන් නිරන්තරයෙන් ඉහළ යමින් පවතින බව යැයි රාජ්‍ය තාන්ත්‍රික විචාරකයෝ පෙන්වා දෙති.














