කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව මත්පෙති සහ රජයේ රෝහල්වලට පමණක් නිකුත් කරනු ලබන ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කළ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), මරදාන පොලිසිය සිදුකළ වැටලීමකදී හසුවී තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, ස්නායු රෝගීන් සඳහා ලබාදෙන වේදනා නාශක මත්ලෝලීන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී සොයාගන්නා ලදී. නිසි සුදුසුකම් පවා නොමැති අයෙකු පවත්වාගෙන ගිය මෙම ඔසුසලේ තිබී වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට පමනක් නිකුත් කරන ඖෂධ වර්ග 8ක් ද හමු වූ අතර, රජයේ ඖෂධ පෞද්ගලික ඔසුසලට ලැබුණු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.













