වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය (Social Media) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතකට ස්ලොවැකියාවේ (Slovakia) රජයේ අනුමැතිය හිමිව තිබේ.
සමාජ මාධ්‍ය හරහා ළමුන් දැඩි ලෙස ඇබ්බැහි වීම, මානසික පීඩනයන්ට ලක්වීම, අන්තවාදී අදහස්වලට යොමුවීම සහ ව්‍යාජ තොරතුරු හමුවේ නොමඟ යාම වැළැක්වීම මෙම නීතියෙහි ප්‍රධාන අරමුණයි. මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු, අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් සෑදීම තහනම් වන අතර නව ගිණුම් ආරම්භ කිරීමේදී පරිශීලකයාගේ වයස තහවුරු කිරීම (Age Verification) අනිවාර්ය කෙරේ. මනෝවිද්‍යාත්මක සහ ස්නායු විද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින් යොවුන් වියේ පසුවන ළමුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ස්ලොවැකියානු රජය මෙම දැඩි තීරණය ගෙන ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














