උගන්ඩාවේ පැතිර ගිය ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) ප්‍රභේදයේ ඉබෝලා (Ebola) වෛරස් ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. රෝගීන් 20 දෙනෙකු වාර්තා වී මරණ 2ක් සිදු වූ උගන්ඩාව, ඉබෝලා රෝගයෙන් මිදී ඇති බවට තහවුරු කෙරුණ ද, අසල්වැසි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DR Congo) තත්ත්වය තවදුරටත් පාලනය කරගත නොහැකි මට්ටමකට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොංගෝ රජයේ නවතම වාර්තාවන්ට අනුව මේ වන විට එරටින් ඉබෝලා ආසාදිතයින් 5,600කට වැඩි පිරිසක් හමු වී ඇති අතර, සිදු වී ඇති මරණ සංඛ්‍යාව 2,700 ඉක්මවා ගොස් තිබේ. මෙය ඉතිහාසයේ දෙවනුවට වාර්තා වූ දරුණුතම ඉබෝලා ව්‍යාප්තිය ලෙස සැලකෙන අතර, රෝගී සත්කාර සහ ආරක්ෂිත උපකරණ ලබාදීමේ මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 30ක හදිසි මුල්‍ය හිඟයකට ද මුහුණ පා සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














