අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ, “කැනඩාවට තවදුරටත් මෙලෙස ක්‍රියා කිරීමට නොහැකි බවට පාඩමක් උගන්වන කාලය පැමිණ ඇතැයි” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකාව විසින් ඩොලර් බිලියන 20ක කැනේඩියානු ආනයන සඳහා 50%ක දැවැන්ත බදු පැනවීමට පියවර ගැනීමත් සමඟ, ඊට ප්‍රතිචාර ලෙස කැනඩාව ද ඩොලර් බිලියන 20ක අමෙරිකානු භාණ්ඩ සඳහා සැප්තැම්බර් 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන බදු පනවන බව නිවේදනය කළේය. මෙයට අමතරව ලබන වසරේ (2027) ජනවාරි 1 වනදා සිට කැනේඩියානු වාහන සහ අමතර කොටස් සඳහා ද 50%ක බදු පැනවීමට ට්‍රම්ප් තීරණය කර ඇති අතර, අමෙරිකානු පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ වාසිදායක යෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කැනඩාව ඉදිරියේදී මීටත් වඩා අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙනු ඇති බවට ධවල මන්දිර උපදේශක පීටර් නවාරෝ ද අනතුරු අඟවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













