නේපාලයේ හටගත් විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ සංචාරකයින් සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය නිවේදනය කරයි.
අතුරුදන් වූවන් අතර රටවල් 28කට අයත් විදේශීය සංචාරකයින් 466 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 113 දෙනෙකු වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ගංවතුරට හසුවූ ප්‍රදේශවල අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුම් නේපාල ආරක්ෂක අංශ විසින් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.
















