ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සක්‍රීයව නිරීක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනට සමගාමීව, ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිල සංචාරයක නිරත විය.
ආයතන පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගනු ලැබූ අතර, එහිදී ආයතනයේ මෙහෙයුම් කටයුතු, ව්‍යාපෘති සහ ඉදිරි උපායමාර්ගික සැලසුම් පිළිබඳව ඇමැතිවරයා වෙත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් කාර්ය මණ්ඩලය දක්වන කැපවීම අගය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, ඉහළ කාර්යක්ෂමතාවක් සහ වෘත්තීය ප්‍රමිතියක් පවත්වා ගනිමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයාදීමේ ජාතික ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය. 2006 වසරේ ආරම්භ කරන ලද මෙම සමාගම, කාර්මික, වාණිජ සහ සාගරික ආරක්ෂණ සේවා සපයමින් මෙරට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් රැසකට රැකියා අවස්ථා සලසන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ව්‍යාපාරික ආයතනයක් ලෙස ක්‍රියා කරයි.














