බාහිර අභ්‍යවකාශය සාමකාමී අරමුණු සඳහා පමණක් සුරක්ෂිත කිරීමට නීත්‍යනුකූලව බැඳී පවතින ගිවිසුමක දැඩි අවශ්‍යතාව ශ්‍රී ලංකාව විසින් පෙන්වා දී තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා අවිහරණය පිළිබඳ සමුළුවේදී (Conference on Disarmament) ශ්‍රී ලංකාවේ ස්ථාවරය නැවත වරක් ප්‍රකාශ කරමින් මේ බව සඳහන් කළේය. බාහිර අභ්‍යවකාශය මුළුමහත් මනුෂ්‍ය වර්ගයාගේම පොදු උරුමයක් වන බවත්, එය භූ-දේශපාලනික තරගකාරීත්වය සඳහා වූ යුද පිටියක් බවට පත් කිරීමට උත්සාහ කරන ඕනෑම උපායමාර්ගික මූලධර්මයක් ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අවධාරණය කළේය. මීට අමතරව, පෘථිවියට ආසන්න කක්ෂයේ පවතින අභ්‍යවකාශ සුන්බුන් මඟින් ගෝලීය යටිතල පහසුකම් මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල වන බරපතළ තර්ජන පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කළේය.














