ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 7දෙනෙකු සහ මහ කොමසාරිස්වරුන් 4දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
මෙම නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිස බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍ය යන රටවල් නියෝජනය කරති. මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති Eric S. Meyer සහ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති Wei Huaxiang ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ පිරිසක් ජනාධිපතිතුමා හමුවී සිය අක්තපත්‍ර පිළිගැන්වූහ. මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එක්ව සිටියහ.
















