ශ්රී ලංකාවේ පාසල් රග්බි ක්රීඩාව ඉතිහාසයේ ප්රථම වතාවට ෆ්රැන්චයිස් යුගයට පිවිසීමට සැරසෙමින්, රටේ දක්ෂතම පාසල් රග්බි ක්රීඩකයන් 140 දෙනකු එකම වහලක් යටට ගෙන එන ‘The Next XV’ නවමු ලීග් තරගාවලිය නිල වශයෙන් එළිදක්වා තිබේ.
මෙම ආකර්ෂණීය තරගාවලිය 2026 සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා සෑම සෙනසුරාදා දිනකම පැවැත්වීමට නියමිතය. සතිපතා තරග දෙක බැගින් (Double-headers) පැවැත්වෙන අතර, එක් තරගයක් විදුලි ආලෝකය යටතේ ක්රීඩා කිරීමට නියමිතය. මූලික අදියරේ තරග පළමු සෙනසුරාදා දින තුනේදී පැවැත්වෙන අතර, තුන්වන ස්ථානය සඳහා වන තරගය සහ අවසන් මහා තරගය ඔක්තෝබර් 10 වන දින පැවැත්වේ.
‘The Next XV’ යනු හුදු තවත් එක් තරගකාරීාවකට එහා ගිය, නිල ජාතික ක්රීඩක තේරීම් තරගාවලියක් ලෙසද ක්රියාත්මක වේ. මෙහිදී ජාතික තේරීම් කමිටු නිලධාරීන්ගේ සෘජු අවධානය යටතේ ක්රීඩකයන්ට තම දක්ෂතා ප්රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම තරගාවලිය සඳහා නගර පදනම් කරගත් ෆ්රැන්චයිස් කණ්ඩායම් හතරක් සහභාගී වන අතර, එක් කණ්ඩායමකට ක්රීඩකයන් 35 දෙනෙක් ඇතුළත් වෙති:
ශ්රී ලංකා රග්බි (SLR) සභාපති පවිත්ර ප්රනාන්දු මහතාගේ සංකල්පයක් මත ක්රියාත්මක වන මෙම වැඩසටහන, ‘Road to Rugby World Cup 2035’ දිගුකාලීන සැලැස්මේ ප්රථම පියවර ලෙස, පාසලෙන් පිටවන 90%කට අධික දක්ෂ ක්රීඩකයන් පිරිසකට ජාතික මට්ටමේ පැවැත්මක් සහ නිසි මඟපෙන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ක්රියාවට නංවා තිබේ.














