සෑම වසරකම අගෝස්තු මස අවසන් බදාදා දිනයේදී ස්පාඤ්ඤයේ බුනෝල් (Buñol) නගරයේ පැවැත්වෙන ලොව විශාලතම සහ උද්වේගකරම ආහාර සටන වන “La Tomatina” උත්සවය මෙවරත් ඉතාමත් අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ.
1945 වසරේ අහම්බෙන් සිදු වූ සිදුවීමකින් ආරම්භ වූ මෙම සංස්කෘතික විනෝදාංගය අද වන විට ලෝක ප්රසිද්ධ උත්සවයක් බවට පත්ව ඇති අතර, මෙවර උත්සවය සඳහා ලොව පුරා නගර රැසකින් පැමිණි 20,000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. නගරයේ වීදි පුරා ලොරි රථවලින් ගෙන ආ කිලෝග්රෑම් 120,000කට වැඩි (ටොන් 120ක්) ඉදුණු තක්කාලි තලා එකිනෙකාට ගසාගනිමින් පැයක් පුරා මෙම සටන ක්රියාත්මක විය. මෙම අපූරු සටන අවසානයේ මුළු නගරයම තක්කාලි ගංගාවක් බවට පත්වෙමින් අතිශය උද්යෝගිමත් අයුරින් අවසන් වී තිබේ.















