ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය සහ පාපැදි ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් **”යෝධ ඇළ මවුන්ටන් රයිඩ්” (Yoda Ela Mountain Ride)** පාපැදි තරගාවලිය මෙවර දෙවන වරටත් සංවිධානය කර තිබේ.
ඓතිහාසික යෝධ ඇළ ආශ්‍රිත ප්‍රදේශය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය හරහා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් දැක්වීමට මෙන්ම මෙරට ස්වභාවික සෞන්දර්යය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් උදා වී ඇත.
















