චීන තර්ජනවලට මුහුණ දීම සඳහා හමුදා ඩ්‍රෝන යානා 210,000ක් මිලදී ගැනීමට තායිවාන රජය විසින් ඉදිරිපත් කළ තායිවාන ඩොලර් බිලියන 210ක ($6.6 billion) විශේෂ අයවැය යෝජනාව විපක්ෂයට බහුතර බලය හිමි පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
යුක්රේන සහ ඉරාන යුද ගැටුම් හමුවේ නවීන ආරක්ෂක අවශ්‍යතාවලට මෙම ඩ්‍රෝන තාක්ෂණය අත්‍යවශ්‍ය බව රජය පෙන්වා දුන්නද, විපක්ෂයේ ‘කෝමින්ටෑන්ග්’ (KMT) පක්ෂය සෘජුවම බිලියන ගණනින් මුදල් වෙන්කිරීම වෙනුවට වසරකට තායිවාන ඩොලර් බිලියන 40 බැගින් වසර 6කට බෙදී යන පාලනය කළ හැකි වෙනස් සැලැස්මක් සම්මත කරගෙන ඇත. රජයේ සැලැස්ම පරාජයට පත්වීම පිළිබඳව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය කනගාටුව පළ කර ඇති අතර, මෙම තීරණය රටේ ආරක්ෂාවට සහ ඩ්‍රෝන කර්මාන්තයේ වර්ධනයට බලපෑමක් දැයි දැඩි ලෙස අධ්‍යයනය කරන බව තායිවාන අග්‍රාමාත්‍ය චෝ ජුං-තායි (Cho Jung-tai) පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














