මස්කෙළිය, හපුගස්තැන්න තේ වතුයායේ පිහිටි මුනියාණ්ඩි කෝවිලේ පැවැති පූජා කටයුත්තක් අතරතුර සිදුවූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 10 දෙනෙකු තුවාල ලබා අද (27) පස්වරුවේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
අද පස්වරු 3.00ට පමණ කෝවිල් පූජාව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී අසල ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු වන අතර, නේවාසිකව ප්‍රතිකාර ලබන ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
















