යුක්‍රේනයේ නගර 9ක පිහිටි කාර්මික ස්ථාන, තෙල් පිරිපහදු, රෙජිස්ට්‍රාර් සහ වරාය යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් රුසියානු හමුදාවන් විසින් ඊයේ රාත්‍රියේ සිට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
අගනුවර වන කියෙව් (Kyiv) ඇතුළු ප්‍රදේශ ගණනාවක අද උදෑසන වන තෙක්ම ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු අතර, රුසියාවේ බැලස්ටික් මිසයිල සහ අධිවේගී ජෙට් බලගැන්වූ ඩ්‍රෝන මර්දනය කිරීමට අවශ්‍ය අමෙරිකානු නිෂ්පාදිත ‘පේට්‍රියට්’ (Patriot) ගුවන් ආරක්ෂක මිසයිල හිඟතාවයකට යුක්‍රේනය මුහුණ දී සිටින බව වාර්තා වේ. රුසියානු ආක්‍රමණය ආරම්භ වී පස්වැනි වසරටත් එළඹ ඇති පසුබිමක, දෙපාර්ශ්වය අතර පවතින මෙම දරුණු ගැටුම් අවසානයක් නොපෙනෙන දීර්ඝ කාලීන යුද්ධයක් බවට පත්වෙමින් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















