පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාසවලින් නිවාස 50ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන බවයි.
මෙම වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නව අධිකාරිය පිහිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනප්‍රජාවගේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පාංශු සංරක්ෂණය මෙන්ම වන සංරක්ෂණ හා වනජීවී බලතල ඇතුළු සියලු බලතල මෙම නව අධිකාරිය වෙත පවරා දෙනු ලබයි. මධ්‍යම කඳුකරය යනු රටේ හදවත බවත්, එහි ආරක්ෂාව මෙරට අනාගතය තීරණය කරන්නක් බැවින් එය ජාතික වගකීමක් ලෙස ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















