දිවයින පුරා විවිධ ප්‍රදේශවල පසුගිය කාලයේ ආරම්භ කරන ලද කර්මාන්ත ව්‍යාපෘති සහ ඒ ආශ්‍රිත ඉදිකිරීම් මෙන්ම ජාතික ශිල්ප සභාවේ වගා ව්‍යාපෘති දෙකක් අසාර්ථක වීමෙන් සහ අතරමග නැවැත්වීමෙන් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් පාඩු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති මෙම විගණන වාර්තාව මඟින් අනාවරණය වී ඇති අයුරින්, බටඅත, ත්‍රිකුණාමලය, බුත්තල, අම්පාර, ඇඹිලිපිටිය සහ රයිගම කර්මාන්ත පුරයන්හි පරිපාලන ගොඩනැගිලි සහ නිලධාරී නිවාස නිකරුණේ පැවතීම නිසා රුපියල් කෝටි 16කට වැඩි මුදලක් නාස්ති වී තිබේ.
මීට අමතරව, මිල්ලෑව කර්මාන්තපුරයේ වැසි ජල කානු පද්ධතියක් වෙනස් කිරීමට වැය කළ රුපියල් කෝටි 3ක මුදලක් පෞද්ගලික ඉඩම් හිමියා එය අවහිර කිරීම හේතුවෙන් අපතේ ගොස් ඇති අතර, 2021 සිට 2025 දක්වා ක්‍රියාත්මක කළ ජාතික ශිල්ප සභාවේ අමුද්‍රව්‍ය වගා ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් වැය කළද බහුතරයක් ස්ථානවල පැළවීමේ ප්‍රගතිය බින්දුවක් හෝ ඉතා අවම මට්ටමක පැවතීම නිසා එම ව්‍යාපෘතියද අත්හිටුවා ඇත. තවද ගිරාඳුරුකෝට්ටේ, දිඹුලාගල, දික්වැල්ල සහ ත්‍රිකුණාමලය යන කර්මාන්ත පුරවල මූලික කටයුතු සඳහා ලක්ෂ 33කට ආසන්න මුදලක් වැය කර ඇතත් ඒවා 2025 වසරේදී අත්හිටුවීමෙන් එම මුදල්ද නාස්ති වී ගොස් ඇති අතර, වැල්ලවාය කර්මාන්ත පුරය සඳහා කෝටියකට ආසන්න මුදලක් වැය කළද නිසි ප්‍රතිපාදන වෙන් කර නොතිබීම නිසා කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නැත. මෙයට අමතරව, අමාත්‍යාංශයේ වාහන 26ක් නිසි ලෙස ගිණුම්ගත කර නොමැති බවත්, ලේඛනවල යතුරුපැදි 34ක් පවතින බව සඳහන් වුවද සැබැවින්ම පවසා ඇත්තේ යතුරුපැදි 2ක් පමණක් බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














