පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
මෙම වියළි තත්ත්වය හමුවේ පීඩාවට පත් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 11,074ක පුද්ගලයින් 35,639 දෙනෙකුට ජලය ලබාදෙන බවත්, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ද මෙලෙස පානීය ජලය බෙදා හරින බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.














