ඇමෙරිකාව විසින් පනවා ඇති නව ආර්ථික සම්බාධක “රාජ්‍ය ත්‍රස්තවාදයක්” සහ “මානව වර්ගයාට එරෙහි අපරාධයක්” ලෙස හඳුන්වමින් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ඉරානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් සිදුවන හෝමූස් (Strait of Hormuz) සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා කටාර් රාජ්‍යය ඇතුළු මැදිහත්කරුවන් දැඩි රාජ්‍යතාන්ත්‍රික උත්සාහයක නිරත වෙමින් සිටියි. සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට අවසර දීම සඳහා වන කොන්දේසි මාලාවක් ඉරානය විසින් සකස් කරමින් සිටින අතර, අමෙරිකානු හමුදාව පවසන්නේ තමන් විසින් එම මුහුදු තීරයේ අටවා තිබූ ඉරාන බෝම්බ (Sea mines) ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරාන තර්ජන හමුවේ තවමත් එහි නෞකා ගමනාගමනය සාමාන්‍ය මට්ටමට වඩා 5% – 15%ත් අතර පහළ අගයක පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














