විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය සුරේන් බටගොඩ මහතා ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට ලබන සඳුදා (31) කැඳවා තිබේ. ඔහු එම ධූරය දැරූ කාලයේ සිදුවූ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බව කොමිසමේ නිලධාරියෙක් පවසයි.
සුරේන් බටගොඩ මහතා 2015 ජනවාරි මාසයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ අතර, අමාත්‍යාංශය විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ලෙස වෙනස් වීමෙන් පසුවද 2019 නොවැම්බර් තෙක් එම ධූරයේ කටයුතු කළේය. ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් මීට පෙර කුමාර ජයකොඩි, පාඨලී චම්පික රණවක, කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිආරච්චි යන හිටපු අමාත්‍යවරුන්ගෙන් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇතුළු පිරිසකගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.














