දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුමට අදාළව මේ දක්වා සමස්ත වැටලීම් 261,375ක් සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් 260,660 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1,025 දෙනෙකු සහ රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් 3,427 දෙනෙකු සිටින බව සඳහන් වේ. එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 2,399 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර, සැකකරුවන් 406 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
මෙම කාලය තුළ ආරක්ෂක අංශ විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 2,263.547ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,683.079ක් සහ ගංජා කිලෝග්‍රෑම් 9,483.301ක් ඇතුළුව විශාල මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබේ.














