ඊශ්‍රායලය වෙත ඇමෙරිකානු එක්සත් ජනපදය ලබාදෙන හමුදා සහ මූල්‍ය ආධාර මෙන්ම ආයුධ සැපයීමට එරෙහිව ඇමෙරිකානු රජයට සහ ප්රමුඛ පෙළේ ඇමෙරිකානු සමාගම් තුනකට එරෙහිව සමූහ නඩුවක් ගොනුකර ඇති බව Al Jazeera පුවත් සේවයේ මැතිව් ටොරස් වාර්තා කරයි.
ලෙබනන් සම්භවයක් සහිත ඇමෙරිකානු පිරිසක් විසින් ගොනුකර ඇති මෙම නඩුව මගින් චෝදනා කරන්නේ, දකුණු ලෙබනනයේ සිවිල් වැසියන්ගේ දේපළ සහ ප්‍රදේශ විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාවන්ට ඇමෙරිකානු බදු මුදල් සහ හමුදා මෙවලම් යොදාගැනීම ඇමෙරිකානු ෆෙඩරල් නීතිය සෘජුවම උල්ලංඝනය කිරීමක් වන බවයි. මානව හිමිකම් උල්ලංඝනය කරන විදේශීය හමුදාවන්ට ආධාර සැපයීම සහ අවි ආයුධ විකිණීම ෆෙඩරල් නීතියට පටහැණි වන අතර, තමන්ගේ දේපළ විනාශ වීමට වගකිවයුතු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයුධ සහ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදක සමාගම් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බව මෙයින් වැඩිදුරටත් අවධාරණය කරයි.














