අද හැම ක්ෂේත්රයක්ම කඩා වැටිලා. ගොවියාගේ ජනජීවිතයක් කඩා වැටිලා. මම කියනවා කඩා වැටිලා නෙමෙයි කඩා වට්ටවලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එදා “ගොයම් කපන කුමාරයා” ඉඳලා කිව්වේ මේ රටේ ඇමතිවරු කිලෝවකට රුපියල් 150ක් දෙනවයි කියලා. දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ, මහ මැතිවරණයෙන් පස්සේ, පළාත් පාලන මැතිවරණයක් එනකොට, අද අදාළ ඇමතිවරයාත් කියනවා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 137ක් වැය වෙනවයි කියලා. ඒ වුණත් ගොවියාට දෙන ස්ථාවර මිල රුපියල් 120යි. ඒ කියන්නේ හැම කිලෝවකින්ම ගොවියාට රුපියල් 7ක පාඩුවක් සිදු කරනවා. දැන් ඡන්දේ ගන්න ඕන වුණාම ගොවියා දෙවියා, ගොවියා රජතුමා වෙනවා. නමුත් ඡන්දේ දිනුවයින් පස්සේ ගොවි රජකමට සුදුසු නැහැ. රජකමට සුදුසුකම ලබන්නේ අර එක්තරා ප්‍රදේශයක එක්තරා කුලයකට අයිති කට්ටියකට පමණයි. මම නෙවෙයි කියන්නේ, රජයේ ඇමතිවරු කියනවා. එදා දෙවියා, එදා රජතුමා අද කසිප්පුකාරයා වෙලා, අද ගොවීන්ට කියනවා ආටිෆිෂල් ගොවියන් කියලා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
















