ස්වභාවික විපර්යාසයක් හේතුවෙන් හදිස්සියෙන් ඇති වූ දැවැන්ත ජල කඳක් සහ නායයෑම් හමුවේ ජනාවාස, හෝටල් සහ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතනේපාලයේ මධ්‍යම ප්‍රදේශවලට සහ දේශසීමා ආශ්‍රිතව හටගත් බිහිසුණු ක්ෂණික ගංවතුර සහ කඳු කඩා වැටීමේ ව්‍යසනය හමුවේ ජනාවාස, හෝටල් ඇතුළු සමස්ත ගොඩනැගිලි රැසක් තත්පර කිහිපයක් තුළ ජල මාරයාට බිලිවී තිබේ. මෙම හදිසි උවදුර හේතුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි වී ඇති අතර, තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදහන්ව ඇති බව එරට වාර්තා සඳහන් කරයි. ස්වභාවධර්මයේ මේ ක්‍රර ප්‍රහාරය හමුවේ අසරණ වූ ප්‍රදේශවල සහන සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් යුධ හමුදා සහ විශේෂඥ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















