මොරටුමුල්ල පොලීසියේ 119 හදිසි දුරකථන අංකයට ලද ඇමතුමක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති දිනේෂ් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අදාළ හිස කඳින් වෙන්වී ඇති බවයි. අද (30) උදෑසන 8ට පමණ වඩුමඩුවේ හිමිකරු විසින් මෙය දැක පොලීසියට දැනුම් දී තිබේ.
මොරටුව මහෙස්ත්රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්රාත් නීතිඥ සඳමාලී මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඇති අතර, මොරටුමුල්ල පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි. හමුවී ඇති මිනිස් හිස බෙහෙවින් නරක් වී සතුන් කා දමා ඇති අයුරු දක්නට ලැබෙන බව වාර්තා වේ.
















