• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යවරුන් බෙදලා නිදහස් සෞඛ්‍ය සේවය අර්බුදයට ගෙනයන්න කුමන්ත්‍රණ කරනවා…

GMOA චෝදනා කරයි!

30 August 2026
in දේශීය, පුවත්
වෛද්‍යවරුන් බෙදලා නිදහස් සෞඛ්‍ය සේවය අර්බුදයට ගෙනයන්න කුමන්ත්‍රණ කරනවා…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කරමින් වෛද්‍ය සේවාව හා නිදහස් සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට රැගෙන යාමේ උත්සාහයක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි චෝදනා කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කිරීමේ දේශපාලන ක්‍රියාකාරකමක් මේ වන විට නිර්මාණය වී ඇති බව එම සංගමය සඳහන් කරයි.
රටේ පැවැති ආර්ථික, සමාජ හා දේශපාලනික අස්ථාවරත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ගැටලුවක් වූ බව පෙන්වා දෙන එම සංගමය, එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සංගම් ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්, එහිදී සියලුම කාණ්ඩ රට තුළ රඳවා ගැනීම සඳහා “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට එකඟ වූ බවත් සඳහන් කර ඇත. 2026 අයවැය තෙවනවර කියවීමේදීද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කරන බවට සහතික වී තිබේ.
කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, එමඟින් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් GMOA පෙන්වා දෙයි. එක් කාණ්ඩයක් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රෝගී සත්කාර සේවාට සිදුවිය හැකි බලපෑම සලකා එම යෝජනාවට තම සංගමය එකඟ නොවන බව ඔවුන් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තම වාචික හා ලිඛිත අදහස් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, කමිටු වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද මෙතෙක් එය ලබා දී නොමැති බවත් සංගමය පවසයි. මේ හේතුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සංගමයේ පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ හදිසි රැස්වීමක් පසුගිය 28 වැනිදා පැවැත්වුණු අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටු හදිසි රැස්වීමක් හෙට (31) පැවැත්වීමට නියමිතය. වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් එකමුතුව කටයුතු කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සේවය බිහි කිරීම සඳහා ගත යුතු තීරණාත්මක පියවර මෙම සාකච්ඡාවේදී ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 3
Previous Post

ඇප මත සිටි තණමල්විල දරුණු ඝාතකයා ගිනිඅවියක් සහ අයිස් සමඟ නැවතත් අත්අඩංගුවට!

Next Post

කඳ නැති නරක් වූ මිනිස් හිසක් මොරටුමුල්ලෙන් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කඳ නැති නරක් වූ මිනිස් හිසක් මොරටුමුල්ලෙන් හමුවෙයි

කඳ නැති නරක් වූ මිනිස් හිසක් මොරටුමුල්ලෙන් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved