මොහොමඩ් නබිනායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින්, පර්සියානු ගල්ෆ් කලාපයේ පාලකයන් විසින් තම ‘සැබෑ සතුරා’ කවුරුන්දැයි නිවැරදිව හඳුනාගත යුතු බව ඉරානයේ උච්චතම නායක ආයතුල්ලා මුජ්තබා කමේනි ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බටහිර බලවතුන් සහ ඉශ්‍රායලය විසින් ඉස්ලාමීය ජාතීන් අතර මතභේද සහ බෙදීම් ඇතිකිරීමට දරන උත්සාහයන් පිළිබඳව සිය පණිවිඩයෙන් අනතුරු අඟවා ඇති මුජ්තබා කමේනි, පවතින සතුරාගේ සැලසුම් හමුවේ මුස්ලිම් රටවල් අතර සාමූහික ආරක්ෂාව, ආර්ථික සහයෝගීතාව සහ එක්සත්කම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත. ඉරානය සහ අමෙරිකානු-ඉශ්‍රායල පාර්ශවයන් අතර පවතින දැඩි රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක නොසන්සුන්තාව හමුවේ ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් බාහිර බලපෑම්වලට නතු නොවී කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
















