ඉශ්‍රායලයේ දැඩි මතධාරී ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතාමාර් බෙන් ග්වීර් විසින් දාමොන් බන්ධනාගාරයේ පලස්තීන කාන්තාවන් රදවා සිටින සිරමැදිරියකට කඩා වැදී සිරකාරියන්ට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානය සිය දැඩි විරෝධය පළ කර ඇති බව Al Jazeera වාර්තා කරයි.
පලස්තීන කාන්තාවන්ට ලැබෙන මූලික හිමිකම් හා ජල පහසුකම් සීමා කර ඇති බවට බන්ධනාගාරගත කාන්තාවන් චෝදනා කළ අතර, ඊට පිළිතුරු දෙමින් බෙන් ග්වීර් සිරකරුවන්ට ලබාදෙන පහසුකම් අවම මට්ටම දක්වා අඩු කිරීමට කටයුතු කරන බව පවසමින් එය සාධාරණීකරණය කර තිබේ. හමාස් සංවිධානය මෙන්ම පලස්තීන සිරකරුවන්ගේ සංගමයද ප්‍රකාශ කරන්නේ බෙන් ග්වීර්ගේ මෙම හැසිරීම සහ එය වීඩියෝ කර ප්‍රසිද්ධ කිරීම මානව ගෞරවයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ සදාචාර විරෝධී ක්‍රියාවක් වන බවයි.














