උතුරු සයිප්‍රසයේ කිරීනියා (Girne) වරාය ආසන්නයේදී පුද්ගලයින් 260 දෙනෙකුට අධික පිරිසක් රැගත් ෆෙරරි යාත්‍රාවක් මුහුදුබත් වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුර්කි සයිප්‍රස් අග්‍රාමාත්‍ය උනාල් උස්ටෙල් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම අනතුරින් පුද්ගලයින් 172 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති අතර, තවත් 89 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
කාර්ය මණ්ඩලය සමඟ පුද්ගලයින් 267 දෙනෙකු ගමන් කළ කැටමරන් වර්ගයේ මෙම යාත්‍රාව කිරීනියා වරායෙන් ගමන් ආරම්භ කර, වෙරළේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් මුහුදුබත් වී ඇත. උතුරු සයිප්‍රස් ප්‍රවාහන අමාත්‍ය එර්හාන් අරික්ලි මහතා සඳහන් කර ඇත්තේ තුවාල ලැබූවන් වරායට ගෙනවිස් රෝහල් වෙත යැවීමට සහ අතුරුදන් වූවන් සෙවීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශයේ රෝහල් හදිසි තත්ත්වයක් සඳහා සූදානම් කර ඇති අතර, අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ පවත්වන බව බලධාරීන් පවසා තිබේ.














