පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුම දෙපාර්තමේන්තුවක් පත්කිරීමට සූදානම් වන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, දැනට පවතින පුරාවිද්‍යා ආඥා පනතේ ප්‍රතිපාදන හා ප්රවණතා සැලකිල්ලට ගනිමින් මෙგැනි අසත්‍ය තොරතුරු පතුරුවා හරින බවයි.














