නියාගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ මැකී යන කලා කෞශල්‍යයන් නැවත ගොඩනඟමින් දේශීය කලාව නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.එල්. සිදත් කුමාර මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රාදේශීය සභාවේ පැවති මාසික මහ සභා රැස්වීමකදී සභාපතිවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී ප්‍රදේශයේ මාර්ග අබලන් වීම, ආදාහනාගාරවල පවතින ගැටලු සහ සුසාන භූමි සංවර්ධනය මෙන්ම සභාවේ ආදායම් උත්පාදනය සඳහා ඉන්ධනහලක් ආරම්භ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන් විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
















