යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් පසු, පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ද ඇතුළුව මෙරට සියලුම ගුරුවරුන් ඉගැන්වීමේ නිල බලපත්‍රයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
අධ්‍යාපන පද්ධතියට සුදුසු ගුරුවරයකු ලෙස සැලකෙන්නේ එම බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව වන අතර, මෙම සභාව පිහිටුවීමෙන් පසු ඉදිරියට ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ උපාධිධාරීන් පමණි. මීට අමතරව, දක්ෂ ගුරුවරුන් පද්ධතියේ රඳවා ගැනීමේ අරමුණින් ආචාර්ය උපාධියක් ලබන ගුරුවරයකුගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ මූලික වැටුප හා සමාන කිරීමට ද යෝජනා වී තිබේ. රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අයකිරීම් සහ නියාමන ක්‍රියාවලියක් සකස් කිරීම ඇතුළත් මෙම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
















