කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ ගොඩනැගිල්ලක කොටසක් පසුගිය 29 වන දින රාත්‍රියේ කඩා වැටී ඇති බව කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම ප්‍රකාශ කරයි.
පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් අද දිනයේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක නොවන අතර, අධිකරණ පරිශ්‍රයට වාහන ඇතුළු කිරීමද තහනම් කර ඇත. ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බැවින් කිසිදු පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට ඇතුළු නොවන ලෙස දැඩි ලෙස අවවාද කර තිබෙන අතර, අද දිනට නියමිතව තිබූ සියලුම නඩු විභාග 2026 සැප්තැම්බර් 30 වන දින කැඳවීමට නියමිතව ඇත.
















