ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ “ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ව්‍යාපාරික සමුළුව” (Sri Lanka–Australia Business Summit) පිළිබඳව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ විශේෂ කතාබහක් ඇතිව තිබේ. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Cassandra Fernando මහත්මිය විසින් පාර්ලිමේන්තුව අමතමින් මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති අතර, එහිදී ඇය ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලබාදෙන විශිෂ්ට දායකත්වය සහ දෙරට අතර ගොඩනැගෙමින් පවතින ශක්තිමත් සබඳතා බෙහෙවින් අගය කළාය.
මෙම ව්‍යාපාරික සමුළුව හරහා ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම, නව ආයෝජන සඳහා වැඩි අවස්ථා නිර්මාණය වීම සහ දෙරටේම ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාරික අවස්ථා විවෘත වීම වැනි සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කෙරේ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ කැපවීම සහ දායකත්වය මෙලෙස ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ ඇගයීමට ලක්වීම සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම මහත් ආඩම්බරයක් වන බව සඳහන් වේ.















