සෞඛ්‍ය සේවයේ වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි තනතුරු පද්ධතියක් (Intermediate Cadre) ස්ථාපිත කිරීමේ හැකියාව අධ්‍යයනය කර, මාසයක් ඇතුළත වාර්තාවක් සහ නිර්දේශ ලබාදීම සඳහා සගයන් හයදෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට අදාළ තනතුරු පද්ධතිය නිර්වචනය කිරීම, ඇතුළත් කළ යුතු වෛද්‍ය විශේෂඥතා, වෛද්‍යවරුන් තෝරා ගැනීමේ පටිපාටිය, සේවා කාලය, හිමිවන ප්‍රතිලාභ සහ ස්ථානමාරු ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරී ඇත. අදාළ වෘත්තීය ආයතන සහ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ද ලබාගැනීමට නියමිත මෙම කමිටුවේ ලේකම් ලෙස ක්‍රමසම්පාදන අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල සුරංග මහතා කටයුතු කරයි.














