එක්සත් වූ ඉතාලි ඉතිහාසයේ අඩුම උපත් සංඛ්‍යාව වාර්තා කරමින්, 2050 වසර වන විට ඉතාලියේ සමස්ත ජනගහනය ලක්ෂ 40කින් (මිලියන 3.9කින්) පමණ පහත වැටෙනු ඇති බවට එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (ISTAT) අනතුරු අඟවයි.
2025 වසර ආරම්භයේදී මිලියන 58.9ක්ව පැවති ජනගහනය 2050 වන විට මිලියන 55 දක්වාත්, 2080 වන විට මිලියන 45.8 දක්වාත් සීඝ්රයෙන් පහත වැටෙනු ඇතැයි අලුත්ම දත්ත පෙන්වා දෙයි. වැඩිහිටි ජනගහනය (වයස 65ට වැඩි) 24.7% සිට 34.5% දක්වා ඉහළ යද්දී, වැඩකරන ජනගහනය (වයස 15-64) 63.4% සිට 55.3% දක්වා අඩුවීම හමුවේ එරට ආර්ථිකයට, විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට සහ රෝහල්/සුබසාධන පද්ධතියට දැඩි අභියෝග එල්ල වනු ඇත. අගමැතිනි ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) උපත් අනුපාතය ඉහළ නැංවීමට පියවර ගත්තද, 2008 සිට දිගින් දිගටම සිදුවන මෙම ජනගහන පිරිහීම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














