කොළඹදී කන්ටේනරයක් තුළ සඟවා මෙරටට ගෙන්වන ලද අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 463ක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි. මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් සහ මෙරට නියෝජිතයන් හඳුනා ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන තීව්ර කර ඇත.














