මුහුදුබඩ දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මග්ගොන ප්‍රදේශයේ ඉදිකෙරෙන නව දෙපථ දුම්රිය පාලමේ මුල්ගල තැබීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 31 වනදා සිදු කෙරිණි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතපුම් කණුව 33 අසල ඉදිකෙරෙන මෙම නව පාලම සඳහා රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 401.03ක මුදලක් වැය කෙරෙන අතර, එහි ඉදිකිරීම් වසරක් ඇතුළත නිම කිරීමට නියමිතයි. දිගින් මීටර් 26ක් සහ පළලින් මීටර් 10.5ක් වන මෙම නව කොන්ක්‍රීට් පාලම දැනට පවතින යකඩ පාලමට සමාන්තරව ඉදිකෙරේ. 2004 සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස හානියට පත් පැරණි යකඩ පාලම මෙතෙක් නිසි ලෙස පිළිසකර නොකිරීම නිසා එම කොටසේ දුම්රිය ධාවන වේගය සීමා කර තිබූ අතර, නව පාලම ඉදිකිරීමත් සමඟ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ යනු ඇත.














