කළුතර, පයාගල පඹය ප්රදේශයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ තැනැත්තා ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව හෝ සම්බන්ධ වූ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














