ඉන්දුනීසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව සංවිධානය කරන වාර්ෂික ‘සූපර් ගරුඩා ෂීල්ඩ්’ (Super Garuda Shield) ඒකාබද්ධ හමුදා අභ්‍යාසය බාන්ඩුං හිදී අගෝස්තු 31 වනදා නිල වශයෙන් ආරම්භ විය.
සැප්තැම්බර් 11 වනදා දක්වා පැවැත්වෙන මෙම හමුදා අභ්‍යාසය සඳහා සෙබළුන් 4,700කට වැඩි පිරිසක් එක්වන අතර, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු තවත් රටවල් 13ක හමුදා නියෝජිතයෝ ඊට සහභාගී වෙති. පසුගිය අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුමෙන් පසු පැවැත්වෙන පළමු හමුදා අභ්‍යාසය මෙය වන අතර, ඊට කැලෑබද සටන් පුහුණු, මිසයිල ප්‍රහාර, නාවික සංග්‍රාමික මෙහෙයුම්, සයිබර් ආරක්ෂණ සහ ස්වාභාවික ආපදා සහන මෙහෙයුම් ද ඇතුළත් වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














