බලපිටිය, ඇලතොට ප්‍රදේශයේදී අහුංගල්ල පොලිසිය සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි මෙම සැකකරු විදෙස්ගතව සිටින අපරාධකල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පොලිසිය පවසයි. සැකකරු සතුව තිබී අයිස් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 194 ක්, හෙරොයින් ග්‍රෑම් 217 ක්, කුෂ් ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 270 ක්, තරාදියක් සහ ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු අද (01) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















