රජයේ හෙද විදුහල්වල සේවය කළ විශ්‍රාමික හෙද ආචාර්යවරුන් සහ ත්‍රිවිධ හමුදා හෙද විදුහල්වල සේවයෙන් ඉවත් වූ හෝ විශ්‍රාම ලැබූ හෙද ආචාර්යවරුන් I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරුවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ඇතුළුව හෙද විදුහල් 17ක් පවතින අතර, 2026 මාර්තු 31 දිනට I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරු පුරප්පාඩු 142ක් සහ විශේෂ ශ්‍රේණියේ පුරප්පාඩු 24ක් පවතී. හෙද විදුහල් හෙද පීඨ බවට පත් කර හෙද ඩිප්ලෝමාව උපාධි පාඨමාලාවක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරමින් පැවතුනද, අදාළ තනතුරු සඳහා පුහුණුව සඳහා බඳවා ගැනීම් මෙතෙක් සිදු කර නොමැති වීම නිසා මෙම පියවර ගෙන ඇත.














