බන්ධනාගාර අධිසංඛ්‍යාතභාවය අවම කිරීමේ පියවරක් ලෙස සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට (House Arrest) පත්කිරීමට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
අද (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ පද්ධතියේ සිදුකෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණ මාලාව යටතේ මෙම පියවර ගන්නා බවයි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාගැනීම කඩිනම් කිරීම, ඇප ලබාදීමේ ක්‍රමවේද ලිහිල් කිරීම, දඬුවම් කාලය නිවසේ සිට ගත කිරීමට සැලැස්වීම සහ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ඇතුළු යෝජනා රැසක් සඳහා නීති සම්පාදනය වෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














