බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 04ක් සමඟ අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය පැවති අවධියේදී, එම ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කර එම ප්‍රදේශවල ජීවත් වූ පවුල්වල ජන ජීවිතය යථා පරිදි ස්ථාපනය කිරීම සඳහා මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. 2002 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ 2026 ජනවාරි 01 දින වන විට වන විට වචුරටත් වර්ග කිලෝමීටර් 21.3 ක ප්‍රමාණයක් බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව පවතී.
ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය සමඟ එක්ව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The Halo Trust ද, දේශීය රාජ්‍ය නොවන සංවිධාන වන Delvon Assistance for Social Harmony සහ Skavita Humanitarian Assistance and Relief Project යන ආයතන මෙම කටයුතු සඳහා දායක වේ. ඒ අනුව, 2026 ජනවාරි 01 දින සිට 2026 දෙසැම්බර් 31 දින දක්වා කාලයට අදාළව එම ආයතන සමඟ අදාළ කාර්යය සඳහා අවබෝධතා ගිවිසුම් 04ක් අත්සන් තැබීම පිණිස නවාජීව, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.














