ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව එක්ව පැවැත්වීමට නියමිත “Orient Shield” නම් දැවැන්ත ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට රුසියාව සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙම අභ්‍යාසය සඳහා ඇමෙරිකානු ‘ටයිෆූන්’ (Typhon) මධ්‍යම පරාසයේ මිසයිල පද්ධති යොදාගැනීම තම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බව පවසමින් මොස්කව් හි පිහිටි ජපාන තානාපති කාර්යාලය වෙත රුසියාව නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික විරෝධතාවක් ද ඉදිරිපත් කර ඇත.
සැප්තැම්බර් 8 සිට 24 දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිත මෙම සංග්‍රාම අභ්‍යාසය සඳහා රටවල් තුනෙහිම හමුදා නිලධාරීන් 3,700ක් පමණ එක්වන අතර, SM-6 සහ ‘ටොමහෝක්’ (Tomahawk) මිසයිල විදීමේ හැකියාව සහිත ඇමෙරිකානු ‘ටයිෆූන්’ මිසයිල පද්ධතියක් ජපාන භූමිය තුළ ස්ථානගත කෙරෙන පළමු අවස්ථාව මෙය වේ. රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා (Maria Zakharova) ප්‍රකාශ කළේ රුසියානු දේශසීමා ආසන්නයේ සිදුවන මෙවැනි හමුදාමය ක්‍රියාකාරකම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, මෙයට එරෙහිව සිය ආරක්ෂාව වෙනුවෙන් සුදුසු ප්‍රති-පියවර ගැනීමට මොස්කව් පාලනය කටයුතු කරන බවත්ය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














