නවෝත්පාදනය හා දැනුම් කේන්ද්‍ර කරගත් තාක්ෂණය මත පදනම්ව රටේ ආර්ථිකයට දායකත්වය ලබා දීමේ අරමුණින් ආරම්භ කර ඇති හෝමාගම, පිටිපන, මාහේනවත්ත තාක්ෂණික නගර ව්‍යාපෘතියේ මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. හෝමාගම නගරයේ මාර්ග තදබදය වළක්වාලමින් තාක්ෂණ නගරයට සෘජු ප්‍රවේශය ලබා දීම සඳහා වලව්වත්ත සිට කටුවාන හරහා බටහිර අතුරු මාර්ගය හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ කිරීමේ ඉතිරි මීටර් 50ක මාර්ග කොටස මෙන්ම, ශ්‍රී ලංකා හරිත සරසවියේ සිට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ මීටර 650ක පමණ ඉතිරි ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අනුමත වී ඇත.














