සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින දෙල්ගහ අර ඇළ මාර්ගයේ තිබී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හමුවී තිබේ.
අද (01) පෙරවරු 11.30ට පමණ ජාඇල නගර සභාවේ සේවකයින් විසින් ඇළ මාර්ගය පිරිසිදු කරමින් සිටියදී මෙම අත්බෝම්බය නිරීක්ෂණය වී ඇත. ඒ පිළිබඳව කඳාන පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් අත්බෝම්බය ආරක්ෂිතව ලබාගෙන නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














