කැනේඩියානු ආනයනික භාණ්ඩ සඳහා අලුතින් බදු පැනවීමට සහ සියවස් ගණනාවක් පැරණි “ඔන්ටේරියෝ විල” (Lake Ontario), “ඇමෙරිකා විල” (Lake America) ලෙස නැවත නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඇමෙරිකානු ජනතාවගෙන් වැඩි පිරිසක් විරෝධය පළ කරන බව රොයිටර්/ඉප්සෝස් (Reuters/Ipsos) හි නවතම මහජන මත විමසුමෙන් අනාවරණය වී තිබේ.
අගෝස්තු අවසානයේ පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව, කැනඩා බදු ඉහළ නැංවීමට සහාය දක්වන්නේ ඇමෙරිකානුවන්ගෙන් 20%ක් වැනි අඩු පිරිසක් වන අතර, 57%ක්ම ඊට විරුද්ධත්වය පළ කර ඇත. එසේම වසර 400කට වඩා පැරණි ඔන්ටේරියෝ විලෙහි නම වෙනස් කිරීමට සහාය පළ කර ඇත්තේ 14%ක් පමණක් වන අතර 63%ක්ම එම තීරණයට සෘජුවම විරුද්ධ වී තිබේ. නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණය (Midterm Elections) ආසන්නයේදීම ඉරාන යුද උණුසුම හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ ජීවන පිරිවැය ඉහළ යාම නිසා ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයද මේ වන විට පහත වැටෙමින් පවතින බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














