කරවනැල්ල පොදු බස් නැවතුම්පොළේ කාන්තා වැසිකිළිය තුළ අලුත උපන් දරුවෙකු අතහැර යාමට උත්සාහ කළ බව කියන 30 හැවිරිදි කාන්තාවක් අද (01) දහවල් ජනතාව විසින් අල්ලාගෙන තිබේ. එම කාන්තාව විසින් අද දිනයේම උපත ලැබූ බවට සැලකෙන අලුත උපන් දරුවා වැසිකිළියේ තිබූ ජල බේසමක් තුළ තබා අතහැර යාමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.
සිද්ධිය දුටු ජනතාව විසින් වහා ක්‍රියාත්මක වී කාන්තාව අල්ලාගෙන ඇති අතර, පසුව ඇය සහ බිළිඳා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.














