මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයා යටතට පත් කර තිබේ. ඒ, සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟය. පසුගිය මහා සභාවේදී මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 43ක් සහ විපක්ෂව ඡන්ද 41ක් හිමි වූ අතර, ඡන්ද දෙකක වැඩි බහුතරයකින් එය ජයග්‍රහණය කිරීමට විරුද්ධ පාර්ශ්වය සමත් විය.
මෙම සමිතිය සඳහා පසුගිය මැයි 03 වැනිදා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම බහුතර බලය දිනාගත් අතර, එහිදී සුනිල් පාරිස් මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත් විය. කෙසේ වෙතත්, විශ්වාසභංග යෝජනාව සම්මත වීමත් සමඟ නිලවරණයෙන් තේරී පත්ව සිටි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයා පියවර ගෙන ඇති අතර, සමිතියේ පරිපාලන කටයුතු යළිත් කොමසාරිස් පාලනය යටතට පත් කර ඇත.













